සේනා දළඹුවා (Fall Armyworm) මර්දනය

 දළඹුවා හඳුනාගන්නේ කෙසේද?

  • දළඹුවාගේ හිසෙහි යටිකුරු " Y"  හැඩති සලකුණක් ඇත.
  • ලපටි කීටයන් ලා කොළ පැහැ වන අතර වැඩෙන විට කොළ,කහ හෝ දුඹුරු පැහැවේ.
  • ශරීරයේ සෑම කණ්ඩයකම ලප හතර බැගින් පිහිටන අතර වැඩුණු දළඹුවකු සෙ.මී.3-4 වේ. 
  • සලබයාට දිනකට කිලෝමීටර් 100 පමණ දුරක් පියාසර කල හැකි නිසා සුළං මඟින් ව්‍යාප්ත වේ.

 හානිය හඳුනාගන්නේ කෙසේද?

  • බඩ ඉරිඟු ,වී,එළවළු ඇතුළු බෝග වර්ග 100 කට පමණ හානි කරයි.
  • පත්‍ර විශාල වශයෙන් කාදැමීම නිසා ඉරුනු හා කඩතොළු වූ පත්‍ර ඇති වේ.
  • ගොබය තුළ කීටයන් දැකිය හැක. තෙත සහිත ලී කුඩු වැනි මලද්‍රව්‍ය පත්‍රවල හා ගොබය තුල දැකගත හැක.
  • ලපටි බඩ ඉරිඟු කරල් වල බීජ කා දමයි.

මර්ධනය සදහා ඒකාබද්ධ පාලන ක්‍රමවේදය භාවිතා කරමු
  • වගාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් සිටින්න.
  • හානිය තිබේ නම් අවශේෂ කොටස් පුළුස්සා විනාශ කරන්න.
  • නයිට්‍රජන් පොහොර වැඩිපුර යෙදීමෙන් වලකින්න.ක්ෂේත්‍රය හා අවට වල් මර්ධනය කරන්න.
  • ආසාදිත ශාක කොටස් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනයෙන් වලකින්න.වසංගත තත්වයෙන් වලක්වා ගැනීමට නිර්දේශිත කෘෂි රසායන භාවිතා කරන්න.
  • කෘමිනාශක ප්‍රතිරෝධීතාව ඇතිවීම පාලනය සඳහා වෙනස් ්‍රියාකාරීකාණ්ඩ සහිත  රසායන දින 07 කට වරක් යොදන්න.

 

 
කෘමිනාශකයේ නම

 

වෙළඳ නම

ක්‍රියාකාරී කාණ්ඩය

යෙදිය යුතු ප්‍රමාණය(හෙක්.)

 

මුල් අවස්ථාව

පසු අවස්ථාව

ස්පිනොටරම් 25%WG

රේඩියන්ට්

5

100g

180g

ස්පිනෝසාඩ් 25g/l SC

සක්සස්

5

320ml

600ml

එමමෙක්ටින් බෙන්සොඒට් 5%SG

ප්‍රොක්ලේම්

6

130g

240g

ක්ලොරැන්ට්‍රනිලිප්‍රෝල් 200g/l SC

කොරැජන්

28

100ml

180ml

 

නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති) කාර්ය්‍යාලය 
ශ්‍රී බෝධි පාර 
ගම්පහ 
0332222164 
agddgmp@gmail.com     www.agridept.wp.gov.lk