පියවරෙන් පියවර (Step by Step)
1. ඔබට හිමි වගා හානි දීමනා පරික්ෂා කිරීම සඳහා ඔබගේ බැංකු ගිණුම් අංකය ඇතුලත් කරන්න. උපරිම ඉලක්කම් 12ක් පමණක් ඇතුලත් කළ හැකි බැවින් ඔබගේ ගිණුම් අංකයේ අග සිට ඉලක්කම් 12ක් ඇතුලත් කරන්න.
උදා: ඔබගේ ගිණුම් අංකය 103200120024258 නම් ඔබ ඇතුලත් කළ යුත්තේ 200120024258 පමණි.
ඉන්පසු පිරික්සීම සඳහා Search බොත්තම click කරන්න.
2. ගිණුම පිරික්සීමෙන් පසු ඔබේ ගිණුමට බැරවී ඇති මුදල් ප්රමාණය තිරයේ සඳහන් වේ.
3. එසේ ඔබගේ ගිණුමට අදාල තොරතුරු වලට අමතරව සටහනකින් චෙක්පත් අංකයක් සමඟ ගෙවීම් සිදුකර ඇතැයි පවසන්නේ නම්, ඒ ඔබගේ ගිණුම සක්රීය නොවීම / ගිණුම් අංකය නිවැරදි නොවීම වැනි හේතු මත අප විසින් ගිණුමට බැර කිරීමට යැවූ මුදල් ආපසු එවා ඇති බැවින් ඔබට එම වටිනාකමට අදාලව චෙක්පතක් නිකුත් කර ඇත.
4. දිනපතා ගෙවීම් යාවත්කාලීන වන බැවින් දත්ත කිසිවක් නොපෙන්වන්නේ නම් එළඹෙන වැඩ කරන දිනයේදී නැවත පරීක්ෂා කරන්න.