ලිපි

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන  එක් අවුරුදු වෘත්තීය කෘෂිකර්ම පුහුණු පාඨමාලාව හා සමගාමීව “ක්ෂේත්‍ර සහායක (කෘෂිකර්ම)” ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ 4) පුහුණු පාඨමාලාව - 2023 සඳහා අයදුම්පත් බාරගැනේ . ඒ අනුවහෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - පිරිමි පුහුණු ලාභීන් සඳහා සහ වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - කාන්තා පුහුණු ලාභීන් සඳහා  අයදුම්පත්‍ර කැඳවන අතරපහත ආකෘතියට අනුව පිළියෙල කරගත් අයදුම් පත A4 ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්ත ප්‍රයෝජනයට ගනිමින් 2022.10.10 දිනට හෝ එදිනට ප්‍රථම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (බස්නාහිර), පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, අංක 204, නව පළාත් සභා ගොඩනැගිල්ල, 7වන මහල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ  විද්‍යුත් තැපෑලෙන්  " This email address is being protected from spambots. You need JavaScript enabled to view it."   එවිමට කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම් දෙමු.  තවද, මාර්ග ගත ක්‍රමයට (online) අයදුම් කළ හැක. ඒ අනුව පහත සබැදිය තුළින් අයදුම් කළ හැකිය.  වැඩි විස්තර සඳහා නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අමතන්න -  0112092669  ,   0112092675.

ගැසට් නිවේදනය හා අයදුම්පත්‍රය

 

මාර්ගත ක්‍රමයට (online) අයදුම් කරන්න