යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහන - ගම්පහ දිස්ත්‍රික්කය (GAP)

ම්පහ දිස්ත්‍රික් GAP සහතික පත් ප්‍රදානය 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර උපදේශන අංශය හා බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්කය සංවිධානය කරන ලද යහපත් කෘෂිකාර්මික වගා පිළිවෙත් (GAP) යටතේ වගා කරන ගොවීන්  සදහා සහතික පත් බෙදා දීම බස්නාහිර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය,ගම්පහ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය කෘෂි ව්‍යාපාර උපදේශන අංශයේ  සහකාර අධ්‍යක්ෂක ඇතුළු නිළධාරින්ගේ සහභාගීත්වයෙන් 2018/06/22 දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.        

කෘෂිකාර්මික බෝග නිෂ්පාදනය කිරීමේදී වගාවට යොදන කෘෂි රසායන හා අනෙකුත් යෙදවුම් අවම මට්ටමකින් භාවිතා කර, පරිසර හිතකාමී, තිරසාර ගොවිපොලක් තුලින් ගුණාත්මක හා    සෞඛ්‍යාරක්ෂිත බෝග අස්වැන්නක් ලබා ගැනීමට සිදු කරන්නා වූ පිළිවෙත් හා ක්‍රියාකාරකම් යහපත් කෘෂි පිළිවෙත් වේ.   

 මෙහි දී සිංහ රෙජිමේන්තු ගොවිපල,වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය ගොවිපල ද ඇතුළුව එළවළු අක්කර 1.5, අඹ  අක්කර 0.5, රඹුටන් 2.5 සහ කටු අනෝදා අක්කර 20 ක වගාවක් GAP සහතිකරණයට ලක් විය.

  මෙම උත්සවය සදහා අඹේපුස්ස සිංහ රෙජිමේන්තු  මුලස්ථානයේ සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය හා මුලස්ථාන අණදෙන නිළධාරි තුමා ඇතුළු කාර්ය මණ්ඩලය විශේෂ දායකත්වය ලබා දෙන ලදී.

 

 



කාර්තු පුහුණු වැඩසටහන්