හැදින්වීම
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත් කෘෂිකර්ම,ඉඩම්,වාරි මාර්ග,සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ලබයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයභාරයයන් වනුයේ පළාත් තුළ කෘෂිකාර්මික ව්‍යාප්තිය හා පුහුණුව සිදුකිරීමයි.13 වන ආණ්ඩුකුම ව්‍යාවස්ථා සංශෝධනයට අනුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1989 දී ආරම්භ වීය.
දැක්ම
විශිෂ්ට කෘෂිකාර්මික නිෂ්පාදනයක් හා ආහාර සුරක්ෂිතතාවයෙන් සපිරි බස්නාහිර පළාතක්
මෙහෙවර
පළාතේ ජනතාවගේ කෘෂිකාර්මික දැනුම,හුරුව වැඩිදියුණු කරමින් කෘෂි යෙදවුම් හා තාක්ෂණික සේවා සැමට සාධාරණ ව ලබා දෙමින් ධනාත්මක ආකල්ප සංවර්ධනය කරමින් පරිසර හිතකාමී ක්‍රමවේද අනුගමනය කර පළාතේ ආහාර සුරක්ෂිතතාව හා චිරස්ථායී කෘෂිකාර්මික සංවර්ධනය කරා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ඒකාබද්ධ ව කටයුතු කිරීම
අගයන්
  • ශක්තිමත් බැඳීමකින් යුත් එකමුතු කණ්ඩායමක්
  • පරිසර හිතකාමී කෘෂිකර්මය
  • නව තාක්ෂණ ක්‍රමවේද තුළින් සේවා ලාභීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක්
  • විශිෂ්ටත්වය
  • අවංකභාවයෙන් විනිවිදභාවයෙන් හා කැපවීමකින් යුතු සේවාවන්
  • ක්ෂණික ප්‍රතිචාර
  • නව්‍යතාවය
අරමුණු
  1. පරිසර හිතකාමී ඒකාබද්ධ කෘෂිකාර්මික ක්‍රියා කාරකම් ප්‍රවර්ධනය හා ඊට අදාල අණ පනත් ප්‍රඥප්තිවලට අනුකූලව කටයුතු මෙහෙය වීම
  2. වාණිජ කෘෂිකර්ම සංවර්ධනය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන පෞද්ගලික අංශ අතර ඒකාබද්ධතාවයන් සමග ක්‍රියාත්මක වීම
  3. මානව සම්පත් හා ව්‍යවසායකත්ව හැකියාව වර්ධනය සඳහා කෘෂි තාක්ෂණික සංවර්ධන ක්‍රියාවලිය උප‍යෝගී කර ගැනීම
  4. තෝරා ගත් බෝගයන්හි කෘෂිකාර්මික ඵලදායි තත්ත්වය වැඩි දියුණු කිරීම තුළින් දළ ‍දේශීය නිෂ්පාදනය නැංවීමට හා දිළිදුකම අවම කිරීමට දායක වීම
  5. නාගරික හා අර්ධ නාගරික කෘෂි නිෂ්පාදන ඒකකයන්හි ඵලදායිතාවය ඉහළ නැංවීම
  6. තාක්ෂණික සංවර්ධන ක්‍රියාවලිය සඳහා ‍ගොවි සභභාගීත්වය සමග සංනිවේදනය මාධ්‍යයන් උපයෝගී කර ගැනීම