සංචාරක නිවාස වෙන්කර ගැනීම
දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - අඹේපුස්ස
හැදින්වීම
කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය තුළම මෙම සංචාරක බංගලා පිහිටීම හේතුවෙන් අවට පරිසරයේ සිරි නරඹා කෘෂිකාර්මික දැනුමක් ලබා ගැනීමට ද සංචාරකයින්ට අවස්ථාව ලැබේ. ආසන්නයේ පිහිටි මධ්‍යම රජයට අයත් අක්කර 200 කින් පමණ සමන්විත බීජ ගොවිපල නැරඹිය හැක.විශේෂයෙන් මෙහි සිට මා ඔයෙහි සිරි නැරඹීමට, මා ඔයෙහි දිය නෑමට අවස්ථාව සලසා ගත හැක.කිලෝමීටර් 2 ක් දුරින් පිහිටි ලංකාවේ දිගම සැතපෙන පිළිමය, තලගම රජ මහා විහාරය ( ශාන්ති චෛත්‍ය යේ හැඩය ගත් විශේෂිත චෛත්‍යය), ගිරිඋල්ල මැද්දේපොල විහාරය ආදී සිද්ධස්ථානද හෙක්ටාර් 1200 ක් පමණ වන බත්ගංගොඩ කැළය ද නැරඹීමට අවස්ථාව සලසා ගත හැක.

A වර්ගය

04 දෙනෙකු සහිත පවුලක් සදහා ඉඩ පහසුකම් සහිත තනි කාමරයකින් ද උණු ජලය සහිත නාන කාමරයකින්ද සමන්විත අතර එක් මුළුතැන් ගෙයක් ඇත .තමාට ආහාර සකසා ගැනීමේ හැකියාව ඇත.

B වර්ගය

ලන්තෑරුම් මඟින් ආලෝකය සපයනු ලබන කාමර 02 ක් සහිතව 05 දෙනෙකු සදහා ඉඩ පහසුකම් ඇත.නිවස්නක් සදහා රු.3500.00 ක් දිනකට අය කෙරේ.මුළුතැන් ගෙයක් ඇත.