Cart

බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 11 2025

හෙළලියේ හෙරලියේ පෙරළිය...

හෙළලියේ හෙරලියේ පෙරළිය...

ගම්පහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ සංකල්පයක් අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ නිලධාරින් සදහා නැවුම් අත්දැකීමක් ලබා දෙමින් පවත්වන්නට යෙදුනු අහාර තාක්ෂණ පුහුණු වැඩසටහන 2025-09-11 දින එම කාර්යාල සංකීර්ණයේ දී පවත්වන්නට කටයුතු කරන ලදී. මෙහිදී කෙසෙල්මුව සලාදය, කොස් කොත්තු, පොළොස් පෙති බැදුම, බිම්මල් සෙසේජස් හා මඤ්ඤොක්කා ක්‍රොකට් වැනි ආහාර වට්ටෝරු කිහිපයක් සකස්කර එහි රස බැලීමේ අවස්ථව උදාකරදීම, එම නිළධරී සමූහයට නැවුම් අත්දැකීමක් විය. මීට අමතරව විවිධ පළා වර්ග හා අප වෙතින් ගිලිහීයන ආහාර වට්‍ටෝරු කිහිපයක්ද සකස් කරන ලද අතර මේ සදහා බස්නහිර පළත් කෘෂිකර්‍ම දෙපාර්තමේන්තුවේ කාන්තා ව්‍යවසායකත්ව පුහුණු  අංශය සිය තාක්ෂණ දායකත්වය ලබාදීමට කටයුතු කරන ලදී.

බ්‍රහස්පතින්දා, September 11 2025