Cart

අඟහරුවාදා, සැප්තැම්බර් 09 2025

පල්ලන්සේන සෙල්ලම්......

 

හැත්තෑව දශකයේ අවසන් කාලසිමාවේ සිට මීගමුව පල්ලන්සේන ග්‍රාමයේ ආරම්භකරන ලද පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ එළිමන් විශෝධනාගාරය තුළ වසරකට රැදවියන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් දිගුකාලීන හා කෙටි කාලීන රැකවරණය ලබන අතර, ඔවුනගේ ප්‍රමුඛ කාර්ය වනුයේ කෘෂි බෝග වගාව හා බැදුන් ක්‍රියාකාරකම් වේ. එම රැදවියන් විසින් නඩත්තු කරමින් පවත්වාගෙන යනුලබන වගා ක්ෂේත්‍රයන්හි නිරීක්ෂන චාරිකාවක් ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය ප්‍රමුක නිලදාරී කන්ඩායමක් විසින් සිදු කෙරිනි. 2025-09-09 දිනට යෙදුනු ලෝක කෘෂිකර්ම දිනයට සමගාමීව සිදුකරන ලද මෙම වැඩසටහනේදී එම රැදවියන්ගේ වගා ක්ෂේත්‍ර නිරික්ෂණය කර තවදුරටත් වගාවන් සංවර්ධනය සදහා නව වගා තාක්ෂණ ක්‍රමවේද හදුන්වාදීම, භූමි ඵලදායීතාව තව දුරටත් වර්ධනය කර ගැනීම සදහා පාංශු පරීක්ෂාව, කාබණික පොහොර නිෂ්පාදනය හා භාවිතයේ වැදගත්කම පිළිබද දැනුවත් කිරීම,  බිම්මල් වගාව යාවත්කාලීන කරගැනීම හා පවත්නා වගාවන්හි රෝග පළිබෝධ  පාලනය වැනි කරුණු පිළිබදව වැඩි අවධානයක් ලබාදුන් අතර, එහිදී එම අවස්ථාවට එක්වූ කෘෂිකර්ම උපදේශක කණඩායම හා දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශකවරුන් එක් එක් විෂය අනුව කණඩායම් ගතව ක්ෂ්‍රේත්‍ර නිරීක්ෂණය කර දැනට පවත්වාගෙන යනු ලබන වගාවන්හි ගැටළු හා ඊට සුදුසු විසදුම් ලබාදීමට කටයුතු කරන ලදී.

ක්ෂේත්‍ර නිරීක්ෂණය අවසානයේ පැවති සාකඡ්චාවේදී එම ආයතනයේ වාර්ෂික ඉලක්ක සපුරාගැනීම වෙනුවෙන් ඉදිරියේ දී එම වගා කටයුතු තවදුරටත් සංවර්ධනය විය යුතු ආකාරය හා GAP වැඩසටහන යටතේ වගාවන් පවත්වා ගෙන යාම වැනි කරුණු පිළිබදව ආයතනික නිලධාරීන් දැනුවත් කරන ලදී.

අඟහරුවාදා, September 09 2025