Cart

සිකුරාදා, ජනවාරි 09 2026

අධිඝනත්ව ක්ෂේත්‍ර දිනය

අධිඝනත්ව ක්ෂේත්‍ර අධ්‍යයනය 
 ගම්පහ දිස්ත්‍රික්කයේ අන්නාසි වගාවේ අධිඝනත්ව යෝග්‍යතාවය පරීක්ෂා කිරීමේ පර්යේෂණ අත්හදා බැලීමේ ව්‍ය‍ාපෘති ප්‍රගතිය විශ්ලේෂණය කිරීමේ ක්ෂ්‍රේත්‍ර දිනය 2026.01.06 දින වල්පිට හල්පේ නුවන් ගාමිනී මහතාගේ ක්ෂේත්‍රයේ දී පවත්වන ලදී. හොරණ පළතුරු පර්යේෂණ ආයතනය මගින් පොල් වගාව යටතේ අන්නාසි වාග කිරීම සඳහා නිර්දේශ කර ඇති අධිඝනත්ව ක්‍රමය ප්‍රායෝගිකව ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට හැකි ද යන්න සහ සඵලතාවය පිළබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම, වගා කරුවන්ගේ කැමත්ත පිළිබඳ අධ්‍යයනය කිරීම, නිෂ්පාදන වියදම සහ කළමනාකරණ කටයුතු අධ්‍යයනය කිරීම  ප්‍රධාන පරමාර්තය වේ.  

 

සිකුරාදා, January 09 2026