වත්තල, පමුණුගම කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයේ ගොවි ජනතාවගේ වගා ගැටලුවලට නිවැරදි තාක්ෂණික විසඳුම් ලබාදීම වෙනුවෙන් සංවිධානය කරන ලද බෝග සායන වැඩසටහන 2026 පෙබරවාරි 19 වන දින වැලිසරදී ඉතා සාර්ථකව පැවැත්විණි.
වත්තල සහ පමුණුගම කෘෂිකර්ම උපදේශක කාර්යාල මඟින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී:
✅ රෝග හා පලිබෝධ හඳුනා ගැනීම: වගාවන්ට වැළඳෙන විවිධ රෝගී සාම්පල් සජීවීව ප්‍රදර්ශනය කරමින් ඒවා පාලනය කරන ආකාරය පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම.
✅ නව තාක්ෂණික මඟපෙන්වීම: වී වගාව, නාගරික කෘෂිකර්මය සහ ගෙවතු වගාව සඳහා නූතන තාක්ෂණය භාවිත කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබාදීම.
✅ විශේෂඥ උපදෙස්: කෘෂිකර්ම නිලධාරීන් විසින් ගොවීන්ගේ ගැටලුවලට සෘජුවම පිළිතුරු ලබා දෙමින් සිදු කළ සුහදශීලී සාකච්ඡා.
කෘෂිකාර්මික දැනුමෙන් සන්නද්ධ සරුසාර හෙට දවසක් වෙනුවෙන් කැපවූ සංවිධායක මණ්ඩලයට සහ සහභාගී වූ සියලුම ගොවි මහත්ම මහත්මීන්ට අපගේ ගෞරවය!
සංවිධානය:
🌾 කෘෂිකර්ම උපදේශක කාර්‍යයාලය - වත්තල / පමුණුගම


