සේනා දළඹුවා (Fall Armyworm) මර්දනය
දළඹුවා හඳුනාගන්නේ කෙසේද?
- දළඹුවාගේ හිසෙහි යටිකුරු " Y" හැඩති සලකුණක් ඇත.
- ලපටි කීටයන් ලා කොළ පැහැ වන අතර වැඩෙන විට කොළ,කහ හෝ දුඹුරු පැහැවේ.
- ශරීරයේ සෑම කණ්ඩයකම ලප හතර බැගින් පිහිටන අතර වැඩුණු දළඹුවකු සෙ.මී.3-4 වේ.
- සලබයාට දිනකට කිලෝමීටර් 100 පමණ දුරක් පියාසර කල හැකි නිසා සුළං මඟින් ව්‍යාප්ත වේ.
හානිය හඳුනාගන්නේ කෙසේද?
- බඩ ඉරිඟු ,වී,එළවළු ඇතුළු බෝග වර්ග 100 කට පමණ හානි කරයි.
- පත්‍ර විශාල වශයෙන් කාදැමීම නිසා ඉරුනු හා කඩතොළු වූ පත්‍ර ඇති වේ.
- ගොබය තුළ කීටයන් දැකිය හැක. තෙත සහිත ලී කුඩු වැනි මලද්‍රව්‍ය පත්‍රවල හා ගොබය තුල දැකගත හැක.
- ලපටි බඩ ඉරිඟු කරල් වල බීජ කා දමයි.
මර්ධනය සදහා ඒකාබද්ධ පාලන ක්‍රමවේදය භාවිතා කරමු
- වගාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් සිටින්න.
- හානිය තිබේ නම් අවශේෂ කොටස් පුළුස්සා විනාශ කරන්න.
- නයිට්‍රජන් පොහොර වැඩිපුර යෙදීමෙන් වලකින්න.ක්ෂේත්‍රය හා අවට වල් මර්ධනය කරන්න.
- ආසාදිත ශාක කොටස් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනයෙන් වලකින්න.වසංගත තත්වයෙන් වලක්වා ගැනීමට නිර්දේශිත කෘෂි රසායන භාවිතා කරන්න.
- කෘමිනාශක ප්‍රතිරෝධීතාව ඇතිවීම පාලනය සඳහා වෙනස් ක්රියාකාරීකාණ්ඩ සහිත රසායන දින 07 කට වරක් යොදන්න.
කෘමිනාශකයේ නම
|
වෙළඳ නම |
ක්‍රියාකාරී කාණ්ඩය |
යෙදිය යුතු ප්‍රමාණය(හෙක්.) |
|
|
මුල් අවස්ථාව |
පසු අවස්ථාව |
||||
ස්පිනොටරම් 25%WG |
රේඩියන්ට් |
5 |
100g |
180g |
|
ස්පිනෝසාඩ් 25g/l SC |
සක්සස් |
5 |
320ml |
600ml |
|
එමමෙක්ටින් බෙන්සොඒට් 5%SG |
ප්‍රොක්ලේම් |
6 |
130g |
240g |
|
ක්ලොරැන්ට්‍රනිලිප්‍රෝල් 200g/l SC |
කොරැජන් |
28 |
100ml |
180ml |
නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති) කාර්ය්‍යාලය
ශ්‍රී බෝධි පාර
ගම්පහ
0332222164
agddgmp@gmail.com www.agridept.wp.gov.lk